අසරණ ජීවිත එක්ක සෙල්ලම් කරන වෛද්‍යවරුන්.!

ඊයේ (23) දින වෛද්‍යවරුවන් ආරම්භ කර ඇති වැඩවර්ජනය අද (24) දිනයේත් ක්‍රියාත්මක බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

තම ගැටලු සම්බන්ධයෙන් ආණ්ඩුව මේ වන තෙක් යහපත් ප්‍රතිචාරයක් දක්වා නොමැති බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක චමිල් විජේසිංහ සඳහන් කරයි.

පැය 48ක වර්ජනයෙන් පසුවත් වර්ජනය තවදුරටත් දීර්ඝ කරන්නේ ද යන්න සම්බන්ධයෙන් සඳුදා තීරණයක් ගැනීමට නියමිත බවද එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක චමිල් විජේසිංහ සඳහන් කරයි.

කෙසේ වෙතත් මෙම හදිසි වැඩවර්ජනය හේතුවෙන් දිවයින පුරා රෝගීන් දැඩි ලෙස පීඩාවට මෙන්ම අසරණ තත්ත්වයට පත්ව ඇත.

Advertisements
Advertisements
6 Comments
Most Voted
Newest Oldest