නියමුවෙක් නොමැතිව උඩුගුවනේ සෙල්ලම් දාන චීන දැවැන්තයා.. ලෝකයම හොල්ලයි

චීන වාණිජ ගුවන් යානා සංස්ථාව (COMAC) විසින් ලෝකයම පුදුම කරමින් දේශීයව සංවර්ධනය කරන ලද ‘CE-25A’ විදුලි ගුවන් යානය සිය ප්‍රථම නියමුවන් සහිත පරීක්ෂණ පියාසැරිය (maiden piloted test flight) සාර්ථකව නිමවා ඇත.

නැගෙනහිර චීනයේ ශැන්ඩොං පළාතේ බින්ෂෝ හිදී මෙම පරීක්ෂණ පියාසැරිය සිදුකර ඇති අතර රාත්තල් 22,000ක (ටොන් 10ක උපරිම ගුවන්ගත වීමේ බරකින් යුත්) මෙම යානය පියාසර කිරීම සඳහා නියමුවන් දෙදෙනෙකු සහ ගුවන් පරීක්ෂණ ඉංජිනේරුවරයෙකු සහභාගී වී ඇත.

මෙම මුළු පරීක්ෂණ සැසිය පැයකට ආසන්න කාලයක් (මිනිත්තු 57කුත් තත්පර 46ක්) පැවැත්වූ අතර ගුවන් යානය මිනිත්තු 16කට වැඩි කාලයක් සැබෑ ලෙසම අහසේ රැඳී සිටිමින් කිලෝමීටර 60.4ක දුරක් ආවරණය කර ඇත.

නගර අතර ගුවන් ගමන් සඳහා නිර්මාණය කරන ලද ප්‍රථම විදුලි වාණිජ ගුවන් යානය වන මෙය, මගීන් 19 දෙනෙකුට පහසුකම් සැලසිය හැකි අතර පැයට කිලෝමීටර 300ක කෲස් වේගයකින් (cruising speed) සහ මීටර් 2,400ක උන්නතාංශයකින් ගමන් කළ හැකි මෙම යානයේ පරාසය (range) කිලෝමීටර 400කි.

මෙම නවීන යානය මාස ගණනාවක් පුරා මිනිසුන් රහිත පරීක්ෂණ වලට ලක් කර ඇති අතර ඒ අනුව පෙබරවාරි (02) වන දින ප්‍රථම වරට ස්වයංක්‍රීයව පියාසර කළ මෙම යානය, මිනිසුන් රැගෙන යාමේ අනුමැතිය ලැබීමට පෙර ස්වයංක්‍රීය තහවුරු කිරීමේ පියාසැරි 19ක් සාර්ථකව අවසන් කර ඇත.

සාමාන්‍ය ගුවන් යානයක තිබෙන්නේ ඉන්ධන දහනය කරන එන්ජින් වන අතර එහෙත් මෙම නවීන ගුවන් යානයේ පියාපත් මත සවිකර තිබෙන විදුලි බලයෙන් ක්‍රියාත්මක වන විශේෂ පද්ධතියකින් බලය සැපයෙන අතර මෙම ගුවන් යානයට නියමුවන් රහිතව පියාසර කිරීමට හැකිය.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel