By unusuma.lk on
(LK time)චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත්කරමින් පවසන්නේ අන්තර්ජාල වංචා සම්බන්ධව මෙරටදී අත්අඩංගුවට ගත් චීන ජාතිකයන්ට එරෙහිව දැඩිව නීතිය ක්රියාත්මක කරනා ලෙසත් මෙරට නීතිය ක්රියාත්මක කරනා ආයතනවලට චීනයේ පූර්ණ සහාය ලබාදෙන බවත් ය.
චීන තානාපති කාර්යාලය නිකුත්කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්වන්නේ අත්අඩංගුවට ගත් චීන ජාතීන් එරට ප්රතිරූපයට බලවත් හානියක් බවත් මෙය දෙරටේ සබඳතාවලට ද ප්රශ්නයක් බවත් ය.
එමෙන්ම මෙවැනි සයිබර් අපරාධ සහ වංචා චීනයට ද ප්රශ්නයක් වී තිබුණු බවත් ඒවා මර්දනය කිරීමට එරට රජය වේගවත්ව ක්රියාකළ බවත් එහි සඳහන්.