සුදු අලි 12ක් ඈවරයි.. මහවැලිය සහ කජු සංස්ථාවත් එළියේ.!

වාණිජ නොවන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා කැබිනට් මණ්ඩලය පත්කළ කමිටුව විසින් ඊට අදාළ වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙයි.

එම වාර්තාව අනුව ඇතැම් ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමටත්, ඇතැම් රාජ්‍ය ආයතන ඈවර කිරීමටත්, ඇතැම් රාජ්‍ය ආයතන සඳහා රජයේ මැදිහත් වීම අවසන් කිරීමත්, ඇතැම් රාජ්‍ය ආයතන ඒකාබද්ධ කිරීමටත් නිර්දේශ ඉදිරිපත්ව ඇති බව සඳහන්.

ඒ අනුව අමාත්‍යාංශ හයකට අයත් වාණිජ නොවන රාජ්‍ය ආයතන 12 ක් ඈවර කිරීමට නියමිතව ඇති අතර, මහවැලි අධිකාරිය සහ කජු සංස්ථාව ද ඒ යටතේ වසා දැමීමට නියමිත බව සඳහන්.

එලෙස ඇවර කිරීමට නිර්දේශ කර ඇති රාජ්‍ය ආයතන අතරට ගාලු උරුම පදනම, ජාතික සාගර කටයුතු කමිටු ලේකම් කාර්යාලය, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය ඇතුළත් බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, රූපවාහිනී සංස්ථාව සහ ස්වාධීන රූපවාහිනී ජාලය එක කළමනාකාරිත්වයක් යටතට ගෙන ආ යුතු බවට ද කැබිනට් මණ්ඩලය පත් කළ එම කමිටුව නිර්දේශ කර ඇත.

එමගින් එම ආයතන වල කාර්යක්ෂමතාව මෙන්ම වාණිජ වශයෙන් යැපිය හැකි බව ද ඉහළ යනු ඇතැයි කමිටු වාර්තාවේ සඳහන් කර තිබේ.

කළමනාකාරිත්වය එක් තැනකට ගෙන ඒම සඳහා යෝජනා කළ ද, ඉහත මාධ්‍ය ආයතන පවත්වාගෙන යාම සඳහා සැලකිය යුතු ආයෝජන ප්‍රමාණයක් ලබාගත යුතු බව ද කමිටුවේ මතය වී ඇත.

ශ්‍රී ලංකා තේ මණ්ඩලය සහ කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය ඒකාබද්ධ කිරීමටත්, පොල් වගා කිරීමේ මණ්ඩලය, පොල් සංවර්ධන අධිකාරිය තල් සංවර්ධන මණ්ඩලය ඒකාබද්ධ කිරීමටත්, කමිටුව එම වාර්තාව මගින් නිර්දේශ කර තිබේ.

මේ සම්බන්ධයෙන් අවසන් තීරණය කැබිනට් මණ්ඩල අනුමැතියෙන් පසුව ඉදිරියේදී දැනුම්දෙනු ඇත.

Loading

One Comment

(Hide Comments)
  • සවා

    March 24, 2025 / at 3:18 pm

    භරි තීරණයක්. වභාම කලයුතුය

Leave a reply

Loading Next Post...
Search
Loading

Signing-in 3 seconds...

Signing-up 3 seconds...