ආන්දෝලනාත්මක ගල්අඟුරු කොමිසමේ විමර්ශන අවසන්

ගල්අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ජනාධිපති කොමිෂන් සභාවේ විමර්ශන කටයුතු මේ වනවිට අවසන් කර ඇත.

ඒ අනුව එහි අවසන් වාර්තාව ලබන දෙසැම්බර් මම මුල ජනාධිපතිවරයාට බාරදීමට නියමිත අතර එම කොමිසමේ නිල කාලය දෙසැම්බර් මස (16) වැනිදායින් අවසන් වේ.

ගල්අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් කොමිසම විවිධ ප්‍රධානීන් 72 කගෙන් සාක්ෂි සටහන් කර ගෙන ඇති අතර ප්‍රකාශ සටහන් කරගෙන ඇති සංඛ්‍යාව 370කි.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංගගේ සභාපතිත්වයෙන් යුතු ජනාධිපති කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයන් ලෙස අභියාචනාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ සහ මහාධිකරණ විනිසුරු සංජීව සෝමරත්න කටයුතු කරයි.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel