කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද (11) දින පස්වරුවේ ඇදහැළුණු අධික වර්ෂාපතනය හේතුවෙන් කොළඹ ප්‍රධාන නගර රැසක මාර්ග ජලයෙන් යටවී රථවාහන ගමනාගමනයට දැඩි බාධා එල්ල වී ඇත.
බත්තරමුල්ල ප්‍රදේශයට ඇදහැළුණු තද වැසි හේතුවෙන් එහි ප්‍රධාන මාර්ග කිහිපයක් ජලයෙන් යටවී ඇති අතර ඒ හේතුවෙන් ජනතාවට සහ රථවාහන ගමනාගමනයට දැඩි බාධා එල්ල වී ඇත.
තවද, බොරැල්ල සහ මරදාන අවට මාර්ග කිහිපයක් ජලයෙන් යටවීම නිසා එම ප්‍රදේශවල දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බව වාර්තා වේ.
මේ අතර අද දිනයේ දිස්ත්‍රික්ක රැසකට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
