කොළඹ මාර්ග රැසක් ජලයෙන් යටවෙයි

අද (06) දින පස්වරුවේ දැඩි වර්ෂාපතනය හේතුවෙන් කොළඹ සහ තදාසන්න ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යට වූ අතර ඒ හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ල විය.

කොල්ලුපිටිය සිට ගාලු පාර ප්‍රදේශ මෙන්ම බොරැල්ල, මරදාන සහ ආමර් වීදිය ඇතුළු කොළඹ නගරයේ ප්‍රධාන මාර්ග කිහිපයක දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.

අධික වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමග මාර්ග කිහිපයක් ජලයෙන් යටවීම හේතුවෙන් වාහන ධාවනයට බාධා පැමිණ ඇති බව වාර්තා වේ.

තවද අධිවේගී මාර්ග පිවිසුම් අසල ද දැඩි රථවාහන තදබදයක් ඇතිව තිබෙන බවට තොරතුරු වාර්තා වේ.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel