By unusuma.lk on
(LK time)නව ජනතා පෙරමුණේ මහරගම සංවිධායක දිනේෂ් අබේකෝන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (දෙසැ. 12) පැමිණිල්ලක් සිදුකරමින් ඉල්ලා සිටියේ කතානායක අශෝක රන්වල මහතාගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ විමර්ශනයක් සිදු කරනා ලෙසයි.
පැමිණිල්ල සටහන් කරගැනීමෙන් පසු හෙතෙම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටතට පැමිණ මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසූවේ, දසවන පාර්ලිමේන්තුවේ වත්මන් කතානායක විසින් මැතිවරණයට පෙර සහ පාර්ලිමේන්තු කටයුතු තුළ ඉදිරිපත් කරනු ලැබ ඇති අධ්‍යාපන සුදුසුකම්හි නිරවද්‍යතාව පිළිබඳ සැකයක් පොදු ජනතාව අතර මේ වනවිට දැඩි ලෙස පවතින බවයි.
කෙසේවෙතත් කථානායකවරයාට සැබැවින් ම එවැනි උපාධියක් හිමි ද නැද්ද යන්න ගැන කඩිනමින් ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළ යුතු බවට ජාතික ජන බලවේගයට මතවාදීව සහාය දැක්වූ පිරිස් පවා සමාජ මාධ්‍යයේ සිය අදහස් පළ කරන වටපිටාවක කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ, කතානායකවරයා නුදුරේ ම ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරනු ඇති බවයි.