සැගවී සිටි සංවිධානාත්මක අපරාධකරුවෙක් කුදලාගෙන එයි.!

විදෙස්ගතව සැඟව සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු ඉන්දියාවේ සිට ගුවන් මගින් අද (24) පස්වරුවේ මෙරටට රැගෙන ආවේය.

අත්අඩංගුවට ගත් මෙම සැකකරු අවුරුදු 34ක් වූ කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලීසිය සඳහන් කරයි.

මෙම සැකකරුට එරෙහිව මනුෂ්‍ය ඝාතන, කොල්ලකෑම් සහ මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම පිළිබඳව චෝදනා එල්ල වී ඇති බව පොලීසිය සඳහන් කරයි.

සැකකරු රැගෙන ඒමෙන් පසුව කටුනායක ගුවන් තොටුපොලේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සිය භාරයට ගෙන ඇති අතර ඉදිරි විමර්ශන සඳහා කෙසෙල්වත්ත පොලීසිය වෙත භාරදීමට පියවර ගෙන ඇත.

Advertisements
Advertisements
0 Comments
Most Voted
Newest Oldest