මේ වනවිට වැඩ තහනමකට ලක්ව සිටින රේගු අධිකාරිවරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම අපහරණ අංශය මඟින් සිදුකරන ලද විමර්ශනයකට අනුව ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර බවට හා ඖෂධ පරීක්ෂක විසින් නිර්දේශ කරන ලද ෆාම් ඔයිල් අඩංගු බහාලුම් 5ක් විනාශ කිරීම සඳහා නියෝග ලබාදී තිබියදී, එම ෆාම් ඔයිල් අඩංගු බහාලුම් පුද්ගලික අංගනයකට රැගෙන ගොස් එක් බහාලුමක තිබූ ෆාම් ඔයිල් රුපියල් ලක්ෂ 40කට විකුණා ඇත.
අනතුරුව අදළා බහාලුම්වල අඩංගු ෆාම් ඔයිල් විනාශ කළ බවට ලේඛන ඉදිරිපත් කර එකී ගොනුව තමා සන්තකයේ තබාගනිමින් යම් තැනැත්තෙකුට වාසියක් කිරීම තුළින් දුෂණය නම් වරද සිදුකර ඇතැයි යන චෝදනාව මත ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.
