Advertisements

ලොකු දොස්තරලාට ඉන්ධන කෝටාවක්

දුර බැහැර ප්‍රදේශවල සිට රෝහල වෙත පැමිණෙන විශේෂඥ වෛද්‍යවරුන්ට අමතර ඉන්ධන කෝටාවක් ලබාදීමට අවධානය යොමුවී ඇතැයි සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි සඳහන් කරයි.

ඒ අනුව විශේෂඥ වෛද්‍යවරුන්ගේ පැමිණීම සම්බන්ධයෙන් විස්තර වාර්තාවක් ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බවද නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි සඳහන් කරයි.

තවද දුර බැහැර ප්‍රදේශවල සිට පැමිණෙන සෞඛ්‍ය අංශයේ සෙසු නිලධාරීන් සහ සේවකයින්ට වැඩිපුර ඉන්ධන ප්‍රමාණයක් ලබාදීමට සලකා බලන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

Advertisements
Advertisements
0 Comments
Most Voted
Newest Oldest