එක් දළයක් නොමැතිව මියගොස් සිටියදී සොයාගත් ඇතාගේ මළසිරුර සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වලදී එම ඇතාගේ දළය කපා ඉවත්කළ බවට සැක කෙරෙන හිටපු සිවිල් ආරක්ෂක නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අනුරාධපුර අඩවි ආරක්ෂක දම්මික සංජීවගේ මඟපෙන්වීම යටතේ කහටගස්දිගිලිය අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් විසින් අවුරුදු 34ක් වයසැති එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුගේ නිවසේ සහ ඔහුගේ වගා පැලේ තිබී අලි වෙඩිල්ලක් හා පෙට්රල්වලින් සාදන ලද පුපුරණ ඇටවුමක්, බඳින තුවක්කුවක්, වෙඩි බෙහෙත් සහ ඒවාට අදාළ උපාංග ඇතුළත් මල්ලක්, වක් පිහියක්, යකඩ කපන කියතක් සහ මීමින්නාවල ප්රදේශයේදී මියගිය ඇතා සිටි ස්ථානයෙන් කපාගත් බවට සැක කෙරෙන ලී දඬු කිහිපයක් සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගත් එම සැකකරු අද (05) දින කහටගස්දිගිලිය මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන (18) වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.
