
මඩකලපුව මහාධිකරණ විනිසුරු ආර්.ජේ. ප්‍රභාකරන් මහතා විසින් පසුගිය සිකුරාදා (21) පුද්ගලයන් හතර දෙනෙකුට එරෙහිව මරණ දඬුවම නියම කර තිබේ.
ඒ 2007 වසරේ මාර්තු 18 වන දා හින්දු පූජකයෙකු මඩකලපුව සන්දිවේලි ප්‍රදේශයේදී පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් වූ නඩුව විභාග කර අවසන් කිරීමෙන් අනතුරුවයි.
මෙසේ මරණ දඬුවම නියම වී ඇත්තේ එල්.ටී.ටී.ඊ. කරුණා පාර්ශ්‍වයේ කටයුතු කළ වඩිවෙල් තිරුචෙල්වම් 47, කුලන්දෙවේල් පාස්කරන් 43, සෙල්වනායගම් ක්‍රිෂ්ණ රූබන් 38 සහ කරුණාකරන් මහේන්ද්‍රන් 42 යන සිව් දෙනෙකුටයි.
2007 වසරේ එවකට ජනාධිපති වශයෙන් කටයුතු කළ මහින්ද රාජපක්ෂ මහතා මඩකලපුව දිස්ත්‍රික්කයේ කරන ලද සංචාරයකදී ජනාධිපතිවරයා පිළිගැනීම නිසා ඉහත පිරිස විසින් මෙම පූජකයා පැහැරගෙන ගොස් ඝාතනය කළ බවට කරුණු සනාථ වීමෙන් අනතුරුව මෙලෙස මරණ දඬුවම ලබා දී තිබේ.
2007 වසරේදී එරාවුර් පොලිසිය මගින් මෙම නඩුව ගොනු කර තිබු අතර අදාළ නඩුව වසර 17ක පමණ කාලයක් අධිකරණයේ විභාග වීමෙන් පසුව මෙලෙස මරණ දඬුවම ස්ථිර වීම සුවිශේෂී වෙයි.