රණවිරු ශ්‍රම දායකත්වයෙන් දීඝවාපිය මහා සෑ රඳුන්ගේ ප්‍රතිසංස්කරණ කටයුතු.!

ඓතිහාසික දීඝවාපිය චෛත්‍ය රාජයාණන් වහන්සේ ප්‍රතිසංස්කරණය කිරීමේ මහා පුණ්‍ය කර්මය ආරක්ෂක අමාත්‍යාංශයේ පූර්ණ අධීක්ෂණය හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක වේ.

ඒ සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ සිවිල් ආරක්ෂක බලකායේ සාමාජිකයින් සිය ශ්‍රම දායකත්වය අඛණ්ඩව සපයනු ලබයි.

වසර ගණනාවක් පුරා ක්‍රමානුකූලව සිදු කෙරෙන මෙම ප්‍රතිසංස්කරණ කටයුතු විධිමත් සැලසුමකට අනුව සිදුවන අතර, එම කටයුතු මේ වනවිට ඉතා ප්‍රශස්ත මට්ටමක පවති.

නැගෙනහිර පළාතේ විශාලතම ස්ථුපය ලෙස සැලකෙන දීඝවාපී සෑ රඳුන් සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කර අවසන් කිරීමෙන් පසු එය උස අඩි 268 යි අගල් 06 කින් සමන්විත වනු ඇත.

දෙස් විදෙස් බෞද්ධ බැතිමතුන්ගෙන් ලැබෙන මූල්‍ය පරිත්‍යාග සහ රණවිරුවන්ගේ කැපවීම මත සිදුවන මෙම ප්‍රතිසංස්කරණ කටයුතු හේතුවෙන් දීඝවාපිය පුදබිම යළිත් ශ්‍රී විභූතියෙන් බැබළවීමට කටයුතු සිදු කෙරෙමින් පවතියි.

මෙම උදාර පින්කමට දායක වීමට කැමති පින්වතුන්ට www.deegawapiya.lk වෙබ් අඩවිය හරහා හෝ [email protected] විද්‍යුත් ලිපිනය ඔස්සේ වැඩි විස්තර ලබාගතහැක. මීට අමතරව 011 2430860-78 දුරකථන අංක ඇමතීමෙන් ද, අවශ්‍ය තොරතුරු විමසිය හැක.

0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments