සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන පටබැඳි මද්දුමගේ ශෙහාන් සත්සර හෙවත් “දෙහිබාලේ මල්ලි” නැමැත්තා විදෙස් රටකදී අත්අඩංගුවට ගෙන ඇත.
මෙම අත්අඩංගුවට ගැනීම මේ දක්වා මෙරට ආරක්ෂක අංශය වෙත නිල වශයෙන් දැනුවත් කර නොමැති බව වාර්තා වේ.
මෙරටින් පලා ගොස් ඩුබායි රාජ්‍යයේ සැඟව සිටිමින් දකුණු පළාත තුළ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකර ඇති අතර සැකකරුට විරුද්ධව මනුෂ්‍ය ඝාතන චෝදනා එල්ල වී ඇත.
