මේ දිනවල පැතිර යන ඩෙංගු රෝගය හේතුවෙන් ගතවූ පැය 24 තුළ මරණ 3ක් වාර්තා වී ඇති අතර එම මරණත් සමග සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව 53ක් දක්වා ඉහළ ගොස් ඇත.
ඩෙංගු රෝගීන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් රෝහල්වල ධාරිතාව මේ වනවිට උපරිම මට්ටමට පැමිණ ඇති අතර ඇතැම් පෞද්ගලික රෝහල් අලුතින් රෝගීන් ඇතුළත් කර ගැනීම නතර කර ඇති බව වාර්තා වේ.
බස්නාහිර පළාතේ රෝහල්වල තත්ත්වය අතිශය දරුණු වී ඇති අතර බොහෝ රජයේ රෝහල්වල එක් ඇඳක රෝගීන් දෙතුන් දෙනා බැගින් ප්‍රතිකාර ලබන තත්ත්වයක් මතුව ඇත.
මෙම අධික තදබදය හේතුවෙන් රෝගීන් පරීක්ෂා කිරීමේ කටයුතු මෙන්ම රෝහල් කාර්ය මණ්ඩලවල සේවාවන් දැඩි බාධාවන්ට ලක්ව ඇති අතර ඒ හේතුවෙන් වෙනත් රෝගවලට ප්‍රතිකාර ගැනීමට පැමිණෙන රෝගීන්ට විවිධ දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුව ඇත.
ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ නවතම වාර්තාවට අනුව වසරේ මේ දක්වා වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 75,000කට ආසන්න වී ඇත.

