කුඩු කිලෝ 450ක් සමඟ නිරෝෂ් 4 යාත්‍රාව වරායට රැගෙන එයි.!

දකුණු වෙරළට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේ දී ඊයේ (27) නාවික හමුදා භාරයට ගනු ලැබූ බහුදින ධීවර යාත්‍රා දෙකෙහි හෙරෙයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 450ක් තිබී සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත් බහු දින ධීවර යාත්‍රා දෙකේ හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 450කට වැඩි ප්‍රමාණයක් සොයාගෙන ඇති අතර එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 900ක් ඉක්මවා ගොස් ඇති බවට සඳහන් වේ. 

අදාළ යාත්‍රාවේ මත්ද්‍රව්‍ය අඩංගු ගෝනි 20ක් තුළ අයිස් මත්ද්‍රව්‍ය හා හෙරොයින් මත්ද්‍රව්‍ය අඩංගු පැකට් 320ක් සඟවා තිබී ඇත.

මෙම ධීවරයාත්‍රා දෙකේ සිටි ධීවරයන් එකොළොස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, නිරෝෂ් 4 දෙවිනුවර බහු දින ධීවර යාත්‍රාව පසුගිය 14 වැනිදා දෙවුන්දර ධීවර වරායෙන් පිටත්ව ගොස් ඇත. 

ඔවුන් දෙවුන්දර ප්‍රදේශයේ පදිංචිකරුවන් බව බව සඳහන්.

නාවික හමුදා භාරයට ගත් මෙම යාත්‍රා දෙක මේ වනවිට දික්ඕවිට වරාය වෙත රැගෙනවිත් ඇති අතර මෙම මත්ද්‍රව්‍ය තොගය හා ධීවරයාත්‍රා නිරීක්ෂණය සඳහා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා, නාවික හමුදාපතිවරයා සහ පොලිස්පතිවරයා ද එක්ව සිටියහ. 

මෙම භාණ්ඩ හා සැකකරුවන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාරදීමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන කටයුතු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් ආරම්භ කර තිබේ.

Loading

Tell me 💬
Notify of
guest
2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments