දිස්ත්‍රික්ක පහකට අනතුරු අඟවයි.!

මේ දිනවල පවතින තද වැසි තත්ත්වයත් සමග ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක පහක් සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව විමසිලිමත් විය යුතු බව දැනුම්දෙනු ලබන කහ පැහැති අනතුරු ඇඟවීමේ පළමු මට්ටමේ නිවේදනය ඊයේ (30) දින රාත්‍රී 9.00 සිට අද (31) රාත්‍රී 9.00 දක්වා වූ ඉදිරි පැය 24 සඳහා නිකුත් කර ඇත.

එම නිවේදනයට අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම, මහනුවර දිස්ත්‍රික්කයේ ගඟ ඉහළ කෝරලය, කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක, නුවරඑලිය දිස්ත්‍රික්කයේ අඹගමුව – නෝර්වුඩ් සහ රත්නපුරය දිස්ත්‍රික්කයේ කිරි ඇල්ල සඳහා පූර්ව අනතුරු ඇඟවීම නිකුත් කර ඇත.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments