“දිට්වා සුළි කුණාටුව” සමග ඇතිවු තද වැසි හේතුවෙන් සිදුවූ නායයෑම් වලින් මෙරට කඳුකර වනාන්තර පද්ධතියෙන් 34%ක් හානියට පත්ව ඇති බව පරිසර අමාත්‍යංශය සඳහන් කරයි.
“දිට්වා සුළි කුණාටුව” මෙරට පරිසරයට සිදුවූ හානිය පිළිබඳ සොයා බැලීමට පත්කළ කමිටුවේ මූලික වාර්තාවෙන් මේ බව අණාවරණය කර ඇති බව අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි සඳහන් කරයි.
ආපාදා වලින් මෙරට ප්‍රධාන ගංගා ද්‍රෝණි 7ක පරිසර පද්ධති වලට හානි වී ඇති බවත් මෙරට වෙරළ හා කලපු පරිසරයට සිදුවූ හානි පිළිබඳව අදාළ වාර්තාවෙන් කරුණු අණාවරණ කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

