දිට්වා සුළිකුණාටුව හේතුවෙන් කලාඔය ප්‍රදේශයේදී ජල පහරකට හසුවූ බස් රථයක සිටි පුද්ගලයින් 69 දෙනෙකු නිරුපද්‍රිතව බේරාගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයන් තිදෙනෙකුට ජීවිතාරක්ෂක පදක්කම් සහ සහතිකපත් පිරිනමා ඇත.
පොදුරාජ්‍ය මණ්ඩලීය ජීවිතාරක්ෂක සේවා පදක්කම සහ ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක වීර පදක්කම ඔවුන් වෙත පිරිනමා ඇත්තේ කොළඹ පිහිටි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයාගේ නිල නිවසේදීයි.
නාවික හමුදාවේ ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝනයට අනුයුක්ත සමූහ ප්‍රධාන සුළු නිලධාරී එස්.ඒ.ඊ.එල්. සෙනෙවිරත්න, නායක නැවි බී.කේ.ඒ. ප්‍රසාද් සහ බලනැවි එස්.ටී.ඩී. අබේරත්න යන නිලධාරීන් තිදෙනා මෙලෙස ඇගයීමට ලක්ව ඇත.
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෘ පැට්‍රික් සහ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් මැතිව් ඩක්වර්ත්ගේ ප්‍රධානත්වයෙන් මෙම ඇගයීම් උත්සවය පැවැත්වුණි.
