චීන – ශ්රී ලංකා මිත්රත්වයෙන් ආපදාවෙන් හානි වූ පාලම් 14ක් යළි ගොඩනැංවීමට පියවර ගෙන ඇති අතර එහි පළමු අදියරේ පාලම් 09ක් සඳහා චීන රජයෙන් රුපියල් මිලියන 3,933ක පූර්ණ ප්රදානයක් හිමිව ඇත.
දිට්වා ආපදාවෙන් හානි වූ මෙරට පාලම් 14ක් ප්රතිසංස්කරණය කිරීම සඳහා චීන රජයේ පූර්ණ ප්රදාන ආධාර යටතේ ක්රියාත්මක කෙරෙන විශේෂ ව්යාපෘතියේ පළමු අදියර අද (01) දින ගම්පහ, බෙම්මුල්ල පාලම අසලදී නිල වශයෙන් ආරම්භ කළේය.
මෙම ව්යාපෘතිය අදියර දෙකක් යටතේ ක්රියාත්මක වන අතර පළමු අදියර යටතේ පාලම් 09ක් ප්රතිසංස්කරණය කෙරෙන අතර දෙවන අදියර යටතේ තවත් පාලම් 05ක් ප්රතිසංස්කරණය කරයි.
මෙම ව්යාපෘතිය ක්රියාත්මක කිරීම සඳහා වන ගිවිසුම අද දිනයේ අත්සන් කෙරුණු අතර චීන රජය වෙනුවෙන් මෙරට චීන තානාපති H.E. Wei Huaxiang එහිදී අත්සන් කරනු ලැබූවේය.
දිට්වා ව්යසනයෙන් මෙරට මාර්ග පද්ධතියේ ස්ථාන 400කට අධික සංඛ්යාවකට හානි සිදුවූ අතර එම හානි යළි පිළිසකර කරමින් ජනතාවගේ ගමනාගමන පහසුකම් සුරක්ෂිත කිරීම ප්රමුඛ වගකීමක් වේ.
