පරාජයට පෙර රට අරාජික කිරීමට තැත් කළ කුමන්ත්‍රණයක් එළියට.!

පසුගිය (24) හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජන්ම දිනය නිමිත්තෙන් සේදවත්ත වෙහෙරගොඩ පුරාණ විහාරස්ථානයේදී පැවති ආගමික වතාවත් සඳහා සහභාගී වූ දොඩම්පහළ රාහුල හිමියන්ගේ ප්‍රකාශයක් සමාජය තුළ මතභේදාත්මක තත්වයක් ඇති කර තිබේ.

ඒ පසුගිය ජනාධිපතිවරණය ආසන්නයේ තෙල් ගෙන්වීම නැවතීම සඳහා අදාළ ණය වර ලිපි විවෘත නොකරන ලෙස හිටපු ජනාධිපතිවරයාට දොඩම්පහළ රාහුල හිමියන් ඇතුළු කණ්ඩායම උපදෙස් ලබාදුන් බවට උන්වහන්සේම සිදුකළ අනාවරණයත් සමඟයි.

එහිදී රාහුල නාහිමියන් වැඩිදුරටත් පැවසූයේ එසේ පැවසුවද රනිල් වික්‍රමසිංහ මහතා කිසි විටෙක කිසිදු තීන්දු තීරණයක් රටට අගතිගාමී ලෙස නොගත් බවත්. මාස 6කටවත් ප්‍රමාණවත් තෙල් සංචිත පවත්වාගත යුතු බව ඔහු පැවසූ බවත් ය.

“අපි නම් ඉතින් යටින් කිව්ව සර් තෙල් ගෙන්වන්න ඕනෙ නෑ.. LC අරින්න එපා පොඩ්ඩක් අපි බලමු මොකක් හරි කියලා.. නමුත් එතුමා කිව්ව නෑ හාමුදුරුවනේ මාස හයකටවත් පුරවන්න තෙල් ටික, මාස තුනකටවත් ඉදිරියට LC අරින්න ඒ විතරක් නෙවේ අනිත් ක්‍රියාමාර්ග හැම එකක්ම ශක්තිමත්ව ගන්න ඕනේ කියලා”

Loading

5 Comments

(Hide Comments)
  • අසොක සොමතිලක

    March 26, 2025 / at 4:28 am

    හිමූදූරූවො ඕනෙ නැති මගුල් වලට අත් ගහන්නෙ නැතිව බණක් දහමතක් කරගෙන පන්සලෙ වෑඩ ටික කරගෙන හිටියා නම් ඉවරනෙ

  • Mora

    March 26, 2025 / at 4:49 am

    Siura galo thiyala business kalanan hari😂

  • Manju hewage

    March 26, 2025 / at 6:28 am

    කැරි ගණයා

  • U LG Piyathilaka

    March 26, 2025 / at 6:52 am

    He is not a Singhehaleis buddhist monk 🤮💀👽👹. Anyone don’t give almsgiving the bastard monk 🤮.

  • P.Delpechitra

    March 26, 2025 / at 8:58 am

    මේකනෙ චන්දෙට කළින් කිව්වෙ මාලිමාව ආවොත්…රට ගිනි ජාලාවක් වෙනව, නුවර පෙරහැර වල් ඔක්කොම නවත්තනව, බුද්ධාගම ඉවරයි කියල. බණක් කියාගෙන තියාගෙන හිටපු නාමෙත් කෙලෙසගත්ත. ඊට පස්සෙම ඔය කල එලි බැහැල ඉන්නෙ මොකටද දන්නෑ. අනික මිහින්තලේ ගොයිය. එයත් දැන් කොහේදෝ හැංගිලා ඉඳල කල එලි බැහැල.😢

Leave a reply

Loading Next Post...
Search
Loading

Signing-in 3 seconds...

Signing-up 3 seconds...