ජනපති ට්‍රම්ප්ගේ තීරුබදු ප්‍රතිත්තිය යළිත් ක්‍රියාත්මකයි.!

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැනවූ තීරුබදු ප්‍රතිත්තිය අත්හිටුවීමේ නියෝගයක් අමෙරිකානු වාණිජ අධිකරණයක් විසින් ඊයේ (29) දින නිකුත් කර තිබුණි.

එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් කොංග්‍රසයට අනෙකුත් රටවල් සමග වාණිජ්‍යය නියාමනය කිරීමට සුවිශේෂී බලයක් ලබාදී ඇති බව මෙම නියෝගය ලබාදෙමින් වාණිජ අධිකරණය සඳහන් කළේය.

කෙසේ වෙතත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය විසින් එම නියෝගය ඉදිරිපත් කර විනාඩි කිහිපයක් ඇතුළත අමෙරිකානු ෆෙඩරල් අභියාචනාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර ඇත.

ඒ අනුව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැනවූ තීරුබදු නියෝග යළි තාවකාලිකව බලාත්මක කිරීමට එරට ෆෙඩරල් අභියාචනාධිකරණයෙන් අවසර හිමි වී ඇත.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments