ජනපති ට්‍රම්ප් ප්‍රංශයට 200%ක තීරුබදු පනවයි.?

ප්‍රංශ වයින් සහ ෂැම්පේන් සඳහා 200% තීරුබදු පනවන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තර්ජනය කර ඇත.

ගෝලීය ගැටුම් විසඳීම අරමුණු කරගත් ජනපති ට්‍රම්ප්ගේ සාම මණ්ඩලයට ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ගේ සහාය ලබා ගැනීම සඳහා සිදුකරණ උත්සහයක් බව වාර්තා වේ.

තමන්ට සහාය දක්වන බවට කළ ආරාධනය, ප්‍රංශ ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කිරීමට අදහස් කරන බවට සැලවීමත් සමඟ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බව සඳහන් කර ඇත.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ,

‘ඔහු එහෙම කිව්වද.? හොඳයි.. කිසිවෙකුත් ඔහුට කැමති නැහැ.. මොකද ඔහු ඉතා ඉක්මනින් ධුරයෙන් ඉවත් වනවා. මම ඔහුගේ වයින් සහ ෂැම්පේන් සඳහා 200% තීරුබදු පනවනවා. ඔහු එවිට එක්වනු ඇති. නමුත් ඔහු එක්විය යුතුත් නෑ.”

Advertisements
Advertisements
0 Comments
Most Voted
Newest Oldest