Advertisements

මත්වී රිය පැදෙව්වොත් අද සිට වෙන දේ.!

මත්ද්‍රව්‍ය භාවිතාකර රිය ධාවනයේ යෙදෙන රියදුරන්, රිය සහයකයන් හඳුනා ගැනීම සඳහා ජංගම රසායනාගාරයක් (Mobile Lab) සේවයේ යෙදවීම 2026.01.21 වන දින කොළඹ බැස්ටියන් මාවතේ පිහිටි පුද්ගලික බස් නැවතුම්පළේදී නිල වශයෙන් ආරම්භ කළේය.

මෙම ජංගම රසායනාගාර සේවාව මගින් දැනට දින 14ක් ඇතුලත භාවිතා කළ මත්ද්‍රව්‍ය වර්ග 4ක් සම්බන්ධ වාර්තා විනාඩි කිහිපයක් ඇතුලත ලබාගත හැකිය.

මෙමගින් මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවට තහවුරු වන රියදුරන් සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කර අධිකරනය වෙත ඉදිරිපත් කිරීම, රියදුරු බලපත්‍ර අහෝසි කිරීම දක්වා ක්‍රියාමාර්ග ගෙන මගී ජීවිත ආරක්ෂා කිරීම අපේක්ෂාවයි.

ජාතික ගමනා ගමන කොමිසම, ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සහ ශ්‍රී ලංකා පොලීසිය ඒකාබද්ධව ක්‍රියාත්මක කරන මෙම පරීක්‍ෂණ ඉදිරියේදී සමස්ථ දිවයින ආවරණය වන පරිදි සිදුකිරීමට නියමිතය.

Advertisements
1 Comment
Most Voted
Newest Oldest