අද (01) දින පස්වරුවේ පල්ලෙකැලේ දුම්බර බන්ධනාගාරයේ රැඳවියෙක් පළායාමට උත්සාහ කිරීමේදී බන්ධනාගාර නිලධාරියෙක් එල්ල කළ වෙඩි පහරකින් ජීවිතක්ෂයට පත්ව ඇත.
බන්ධනාගාර තාප්පයට යාබද ආරක්ෂක කුටියකට නැඟි අදාළ රැඳවියා එහි රාජකාරියේ නිරතව සිටි බන්ධනාගාර නිලධාරියෙකුගේ ගිනි අවිය උදුරා ගැනීමට තැත් කර ඇති බව බන්ධනාගාර මාධ්ය ප්රකාශක, බන්ධනාගාර කොමසාරිස් සේනක පල්ලෙතැන්න සඳහන් කරයි.
එහිදී බන්ධනාගාර නිලධාරියා පළායාමට තැත්කළ රැඳවියාට වෙඩි ප්රහාරයක් එල්ල කර ඇති බව බන්ධනාගාර මාධ්ය ප්රකාශක, බන්ධනාගාර කොමසාරිස් සේනක පල්ලෙතැන්න සඳහන් කරයි.
