ඊයේ (01) දින මහනුවර, පල්ලෙකැලේ දුම්බර බන්ධනාගාරයෙන් පලායාමට තැත් කළ බව කියන රැඳවියෙකු බන්ධනාගාර නිලධාරියෙක් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව ඇත.
මත්ද්‍රව්‍ය ග්‍රෑම් 7ක් සන්තකයේ තබාගෙන සිටි බවට වූ චෝදනාව මත මීට දින 10 කට පෙර බන්ධනාගාර ගතවූ ගලගෙදර ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි රැඳවියෙක් එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.
එම රැඳවියා බන්ධනාගාර නිලධාරියෙකුගේ ගිනිඅවිය උදුරාගැනීමට තැත්කිරීමේදී ඔහුට වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සහ බන්ධනාගාර කොමසාරිස් සේනක පල්ලෙතැන්න සඳහන් කරයි.
මියගිය රැඳවියාගේ මෘත ශරීරය ඊයේ රාත්‍රීයේම මහනුවර ජාතික රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර මියගිය පුද්ගලයාගේ පවුලේ ඥාතීන්ද රෝහල වෙත පැමිණ ඇත.
මේ අතර දුම්බර බන්ධානාගාරය තුළදී වෙඩි වැදී රැඳවියෙකු මියයාම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
