By unusuma.lk on
(LK time)රන් ආලේපිත T 56 වර්ගයේ ගිනිඅවියේ හිමිකාරීත්වය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව අද (29) දින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක ජූනි මස (05) වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.
පසුගියදා අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක ගල්කිස්ස වැඩබලන මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (29) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා පසුගියදා නියෝග කළේය.