රන් ආලේපිත ගිනිඅවිය.. දුමින්දට දින දෙයි

රන් ආලේපිත ගිනිඅවියක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියේ විත්තිකරුවන් වශයෙන් නම් කර සිටින හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක සහ තවත් කාන්තාවකට එරෙහිව ගොනුකර තිබෙන නඩුව විභාගය සඳහා නොවැම්බර් මස (23) වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර ඇත.

හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක සහ තවත් කාන්තාවකට එරෙහිව ගොනුකර තිබෙන නඩුව අද (04) කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග ඉදිරියේ කැඳවනු ලැබීය.

එම අවස්ථාවේදී විත්තිකරුවන් වශයෙන් නම් කර සිටින හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක සහ අයිගුල් ෂෙරගාසිනා නමැති කසකස්ථාන් ජාතික කාන්තාවක් අධිකරණය හමුවේ පෙනී සිටියේය.

2025 වසරේ මැයි මස (20) වනදා වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේදී බලපත්‍රයක් නොමැතිව රන් ආලේපිත ගිනිඅවියක් සන්තකයේ තබා ගැනීම සහ ඊට ආධාර අනුබලදීම යන චෝදනා යටතේ නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුවන්ට එරෙහිව අධි චෝදනා ගොනුකර ඇත.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel