දුමින්දට විශේෂ වරප්‍රසාද දෙන්නේ නෑ.!

වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින දුමින්ද සිල්වාට වෙනත් සිරකරුවන්ට නොලැබෙන වෙනත් සුවිශේෂී පහසුකමක් හෝ වරප්‍රසාදයක් නොලැබෙන බව බන්ධනාගාර මූලස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක සඳහන් කරයි.

මෙම සිරකරු ප්‍රතිකාර ලබන වාට්ටුවේ රෝගී වූ රැඳවියන් සඳහා සාමාන්‍ය පරිදි ප්‍රතිකාර ලබාදී ඇති අතර මෙම සිරකරුට පමණක් කිසිදු ආකාරයක සුවිශේෂී පහසුකමක් ලබාදී නොමැති බවද මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක සඳහන් කරයි.

බන්ධනාගාර රෝහලේ සිරකරුවන්ට, සැකකරුවන්ට පිටතින් ආහාරපාන ලබාදීම නීත්‍යනුකූලව නවතා ඇති බවද මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක සඳහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments