By unusuma.lk on
(LK time)පළමු වරට එක්දින ක්‍රිකට් තරග ඉතිහාසයේ කිසිදු පිතිකරුවෙක් ශතකයක් වාර්තා නොකර ඉනිමක් තුළ ලකුණු 400ක් ලබා ගත් ලොව පළමු කණ්ඩායම බවට එංගලන්ත කණ්ඩායම පත්වෙයි.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව බර්මින්හැම්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේදී එංගලන්ත කණ්ඩායම ඉනිමක් තුළ ලකුණු 400ක් ලබා ගත්තේය.
පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 400ක් ලබා ගත්තේය.
අනතුරුව තරගය ජයග්‍රහණය කිරීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට පන්දුවාර 50 තුළ ලකුණු 401ක දැවැන්ත ඉලක්කයක් හිමිවිය.
කෙසේ වෙතත් පන්දුවාර 26යි පන්දු 2ක් අවසානයේ සියලුදෙනාම දැවී රැස්කරගැනීමට හැකි වුයේ ලකුණු 162ක් පමණයි.