ශ්‍රී ලංකාවට යුරෝ මිලියනයක්.!

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහාය වීමට සහ රට පුරා අඛණ්ඩ සහන මෙහෙයුම් ශක්තිමත් කිරීම සඳහා යුරෝපා සංගමය මගින් ශ්‍රී ලංකාවට යුරෝ මිලියනයක අතිරේක මානුෂීය ආධාර මුදලක් වෙන් කර ඇත.

මානුෂීය හවුල්කාර සංවිධාන සමග ඒකාබද්ධව ලබා දෙන එම අධාර මුදල පීඩාවට පත් ජනතාවගේ මූලික සේවා සැපයීමට යොදාගනු ඇති අතර යුරෝපා සංගමය සහ එහි හවුල්කාර සංවිධාන මීට පෙරද යුරෝ මිලියන 2.35ක අධාර මුදලක් දිට්වා සුළි කුණාටුවෙන් පසු මෙරට ජනතාවට ලබා දුන්නේය.

යුරෝපීය සංගමය සහ එහි සාමාජික රටවල් ලොව ප්‍රමුඛතම මානුෂීය ආධාර සපයන්නන් ලෙස කටයුතු කරයි.  

1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments