මහජනයාගේ සෑම රුපියලක්ම ආරක්ෂා කරන බවට තමා සහතික වනවා.!

බදු ගෙවන රටේ සියලු දෙනාගේ සෑම රුපියලක්ම ආරක්ෂා කරන බවට තමා සහතික වන බවත් මහජනතාවගේ මුදල් නාස්තිය අවම කරන බවට ලබාදෙන පළමු ආදර්ශය එය බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

රටේ මහජනයාගේ සෑම රුපියලක් ආරක්ෂා කරගැනීම උදෙසා ජනාධිපතිවරයාගේ වැයශීර්ෂය පවා කප්පාදු කළ හැකි සෑම අවස්ථාවකම තමා කප්පාදු කර ඇතැයිද ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

රටේ පුරවැසියාට කාර්යක්ෂතාවයෙන් යුතු රාජ්‍ය සේවයක් ලබාදීමට ඩිජිටල්කරණය හඳුන්වාදෙන බවත් රාජ්‍ය යාන්ත්‍රණය තුළ ඇති කළු යාන්ත්‍රණය බිඳ දමා සියලුදෙනා නීතියට අවනත වෙන ක්‍රියාවලියක් සකස් කරන බවද ජනාධිපතිවරයා සඳහන් කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ,

“බදු මුදල් ගැන ප්‍රශ්නය හුදු බදු ගෙවීම සහ බදු ලබාගැනීම ප්‍රශ්නයක් පමණක් නොව. එතැනින් එහාට ගිය ජාලගත ප්‍රශ්නයක් මෙතෙන තියෙනවා. අපිට රේගුවට, සුරාබදු එකට චෝදනා කළ හැකි වුවත් ඵලක් නෑ. මෙය එකට ගොඩගැහුණු එකිනෙකට අන්තර් සබඳතා ඇති ජාලයක්.

එය බිඳිය යුතු නැද්ද.? රාජ්‍ය යාන්ත්‍රණය මීට සුදානම් විය යුතුයි. එසේ නොමැති නම් කල්තියා යන්න පුළුවන්. මම අවංකව කියන්නේ. මෙම යාන්ත්‍රණය බිඳින්නේ නැත්නම් රට අඟලක්වත් මෙතැනින් එහාට යන්නේ නෑ.

අර්බුදයේ ගැඹුරටම යන්න පුළුවන්. ඒ නිසා අපි මේ කළු යාන්ත්‍රණය බිඳිනවා. ව්‍යාපාරිකයෝ සාධාරණ ලෙස ව්‍යාපාර කරලා, ඔවුන් සාධාරණ බද්දක් ගෙවනවා නම් එය ආරක්ෂා කරගැනීම රාජ්‍ය යාන්ත්‍රණයේ වගකීමක්.

එනිසා බදු මුදල් ගෙවන හැමෝටම මම ආරාධනා කරනවා. “ඔබ ගෙවන්න. අපි හැම රුපියලක්ම ආරක්ෂා කරනවා.” රුපියලක් නාස්ති කරනවා හෝ වංචා කරනවා නම් ඒ වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරන්න උපරිම අපි මැදිහත් වෙන බව මම සහතික වෙන්නම්.”

ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වෙන “ජාතික බදු සතිය” සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments