ඉදිරියේදී පැවැත්වෙන විභාග කල් යයි.? විශේෂ දැනුම්දීමක්

ඉදිරියේදී පැවැත්වීමට නියමිත විභාග සහ එම විභාග පැවැත්වෙන දින සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල්, ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ දැනුම්දීමක් කරයි.

ඒ අනුව පැවැත්වීමට නියමිත ශිෂ්‍යත්වය, උසස් පෙළ සහ 2026 වසරේ සාමාන්‍ය පෙළ විභාගයන් වෙන්කරන ලද නියමිත දිනවලදී පැවැත්වීමට අපේක්ෂා කරන බව විභාග කොමසාරිස් ජනරාල්, ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ සඳහන් කළාය.

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී 2026 වසරේ විභාගයන් පැවැත්වෙන දින දැනුම් දුන් බවත් ඒ අනුව සිසුන් අදාළ දිනයන්ට අනුව සිය අධ්‍යයන කටයුතු සිදුකරන ලෙසද කොමසාරිස් ජනරාල්, ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ සඳහන් කළාය.

යම් යම් හේතූන් මත විභාග පැවැත්වෙන කාලසීමාවන් වෙනස් වීම හේතුවෙන් පසුගිය කාලය පුරාම දරුවන් දැඩි අසීරුතාවයට පත්වූ බවත් එනිසා මේ වසරේ දැනුම්දෙන ලද දිනයන්හිදී විභාග පැවැත්වීමට අපේක්ෂා කරන බවද විභාග කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කළාය.

2025 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ අප්‍රේල් (22) සහ (30) දක්වා පැවැත්වෙන බවත් මේ වනවිට පළමු අදියරේ ඇගයීම් කටයුතු අවසන් කර ඇති අතර අද (01) දිනයේ සිට දෙවැනි වටයේ ඇගයීම් කටයුතු ආරම්භ කරන බවද විභාග කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කළාය.

අප්‍රේල් මස (30) වන දින සිට තුන්වන අදියරේ ඇගයීම් කටයුතු සිදුකරන බවත් 2026 වසරේ ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු මස (09) වන දිනත්, උසස් පෙළ අගෝස්තු (10) වන දිනත්, සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් මස (08) වන දිනත් පැවැත්වීමට නියමිතව ඇත.

උසස් පෙළ විභාග ප්‍රතිඵල සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කොමසාරිස් ජනරාල්, ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මේ බව සඳහන් කළාය.

0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments