Advertisements

එකම පවුලේ මව, පියා සහ පුතුන් දෙදෙනාට මරණ දඬුවම

අත්තනගල්ල, වෙළගෙදර පදිංචි එකම පවුලේ මව, පියා, පුතුන් දෙදෙනා ඇතුළු පස්දෙනකුට ගම්පහ මහාධිකරණය (17) දින මරණ දඬුවම නියම කළේය.

අත්තනගල්ල ප්‍රදේශයේ නිවසකට කඩාවැදී පුද්ගලයකු කපා කොටා ඝාතනය කර, තවත් තිදෙනෙකුට බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියට වරදකරුවන් වූ එකම පවුලේ පස්දෙනකුට මරණ දඬුවම නියම කරමින් ගම්පහ පූර්වගාමී විනිසුරු රශ්මි සිංගප්පුලි විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

පසුගිය 2001 ඔක්තෝබර් මස (31) වැනිදා රාත්‍රී නිට්ටඹුව, දියකාවිට, වෙළගෙදර ප්‍රදේශයේ පිහිටි නිවසකට කඩාවැදී, එහි සිටි පිරිසට ගල් හා පොලුවලින් පහරදී, කඩුවලින් කොටා තරුණයෙකු ඝාතනය කර තවත් තිදෙනෙකුට බරපතළ තුවාල සිදුකිරීම ඔවුන්ට එරෙහි චෝදනා වේ.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව, පැමිණිල්ල විසින් විත්තිකරුවන්ට එරෙහිව එල්ල කර තිබූ චෝදනා සැකයකින් තොරව ඔප්පු වී ඇති බැවින් විනිසුරුවරයා එලෙස මරණ දඬුවම නියම කළේය.

Advertisements
0 Comments
Most Voted
Newest Oldest