ශ්‍රී ලාංකීය කාන්තාවන් සම්බන්ධයෙන් භයානක අනාවරණයක්.!

ශ්‍රී ලංකා පෝෂණ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය සිදුකළ සමීක්ෂණයකින් අනාවරණය වී ඇත්තේ මෙරට කාන්තාවන්ගෙන් 50%ක් පමණ ස්ථූලතාවයෙන් පෙළෙන බවයි.

එම විද්‍යායතනයේ සභාපති වෛද්‍ය තිමති වික්‍රමසේකර මහතා පැවසුවේ මෙරට දරුවන් අතර ද ස්ථුලතාවය ඉහළ යමින් පවතින බව නිරීක්ෂණය වන බවයි.

එහිදී සභාපතිවරයා වැඩිදුරටත් පැවසූවේ,

“මේ රටේ ස්ථුලතාවය කියන කාරණය අමතක කරලා තියෙන්නේ. හැම වෙලාවෙන අපි මන්දපෝෂණය ගැන තමයි කතාකරන්නේ. නමුත් ළමා ස්ථූලතාවයත් ඉහල යමින් තිබෙනවා. කාන්තාවන්ගෙන් 50කට ආසන්න ප්‍රමාණයක් අධි බර සහ ස්ථුලතාවය. අලුත් පර්යේෂණ දත්ත පද්ධතියක් ලංකාවට අවශ්‍ය වෙලා තියෙනවා”

කෙසේවෙතත්, වෛද්‍ය තිමති වික්‍රමසේකර මහතා වැඩිදුරටත් සදහන් කළේ මේ වන විට ශ්‍රී ලංකාවේ මන්දපෝෂණ තත්ත්වය අඩු වුවද අධි පෝෂණය ඉහළ ගොස් ඇති බවයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close