අද සිට විශේෂ වැඩපිළිවෙලක්.!

අද (01) දිනයේ සිට එළඹෙන උත්සව සමයේදී පාරිභෝගිකයන්ට වෙළෙඳපොළ තුළදී සිදුවිය හැකි අසාධාරණකම් වැළැක්වීම සදහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සදහන් කරයි.

අද (01) දිනයේ සිට ජනවාරි (15) දින දක්වා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් ඒ අනුව සිල්ලර වෙළඳසැල් සහ සුපිරි වෙළඳසැල් වැටලීම් ක්‍රියාත්මක කිරීමට නියමිත බවද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සදහන් කරයි.

උත්සව සමය තුළ පාරිභෝගිකයන් වැඩි වශයෙන් මිලදී ගන්නා ඇඳුම් පැළඳුම්, කල් පවත්නා භාණ්ඩ, විදුලි උපරකණ හා අත්‍යවශ්‍ය භාණ්ඩ අලෙවි කරනු ලබන වෙළඳසැල් වෙත විශේෂ අවධානයක් යොමු කිරීමට නියමිත බවද එම අධිකාරිය සදහන් කරයි.

මෙම වැටලීම් සිදු කිරීමේදී භාණ්ඩවල සඳහන් මිලට වෙළඳසැල් තුළ විකිණීම, භාණ්ඩ මිල සඳහන් කර ප්‍රදර්ශනය කර විකිණීම, භාණ්ඩ විකිණීමේදි විධිමත් බිල්පත් නිකුත් කිරීම මගින් විධිමත් වෙළඳාමක් සිදුවන බවට විමසිලිමත් වීම සම්බන්ධව වැඩි අවධානයක් යොමු කිරීමට නියමිතව ඇත.

මීට අමතරව ජංගම වෙළඳුන් සහ සේල් වැනි ක්‍රියාකාරකම් පිළිබඳවද එම අධිකාරිය විශේෂ අධීක්ෂණයට ලක් කිරීමට නියමිත අතර එහිදී කල් ඉකුත් වූ සහ තොරතුරු වෙනස් කරමින් නොයෙකුත් භාණ්ඩ වෙළඳපොළ වෙත පැමිණීමේ ඉඩකට වැඩි බවද සදහන් කරයි.

එනිසා ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරමින් පසුගිය දින කිහිපය පුරාව වැටලීම් සිදුකරනු ලැබූ තොග අලෙවිසැල් හා ගබඩා පරීක්ෂා කිරීම් තවදුරටත් අඛණ්ඩව ඉදිරියට සිදු කරමින් පවතින බවද එම අධිකාරිය තවදුරටත් සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.