By unusuma.lk on
(LK time)පසුගියදා සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් අඩු මිලට ලබාගැනීමට හැකි නව මත්පැන් නිෂ්පාදනයක් කඩිනමින් ජනතාවට හඳුන්වාදීමට කටයුතු කරන බවට සිදු කළ ප්‍රකාශයට ජාතික සංඝ සම්මේලනය සිය දැඩි අප්‍රසාදය පළ කර ඇත.
ඒ බව ජාතික සංඝ සම්මේලනයේ මහලේකම් කට්ටකඩුවේ සුමනරතන හිමි විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලිඛිතව දැනුම්දීමට කටයුතු කර ඇත.
ජාතික සංඝ සම්මේලනය විසින් එම ලිපියෙන් පෙන්වාදී ඇත්තේ මෙය අතිශය ඛේදජනක අප්‍රසන්න පුවතක් වන බවත් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් බරපතළ සැකයක් ද උපදින බවත් ය.
ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක දුම්කොළ හා මධ්‍යසාර අධිකාරී පනත අනුව රටේ මත්ද්‍රව්‍ය ප්‍රචලිත කිරීම සඳහා ක්‍රියාකිරීම නීතිවිරෝධී කටයුත්තක් වන බවත් රාජ්‍ය නිලධාරියකු ලෙස සුරාබදු කොමසාරිස් මෙම නීතිය හිතාමතාම උල්ලංඝනය වන පරිදි ක්‍රියාකරන්නේ දේශපාලන වශයෙන් ඔහුට සහයෝගයක් ලැබී තිබීම හේතුවෙන් ද යන ප්‍රශ්නය මතු වන බවත් ජාතික සංඝ සම්මේලනය විසින් ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති ලිපියෙහි වැඩිදුරටත් සඳහන් වේ.