ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදන ඉදිරි පැය 24 සඳහා දීර්ඝ කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
ඒ අනුව ගිං ගඟ සහ අත්තනගලු ඔය ගංගා ද්‍රෝණිවල පහත්බිම් ප්‍රදේශ සඳහා නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදන ඉදිරි පැය 24 සඳහා දීර්ඝ කිරීමට පියවර ගෙන ඇත.
ඊයේ (11) දින රාත්‍රී 10.00 ට නිකුත් කළ නවතම අනතුරු ඇඟවීමේ වාර්තාවන්ට අනුව වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් මෙම තීරණ ගෙන ඇත.
මේ හේතුවෙන් අදාළ ගංගා ද්‍රෝණිවල පහත්බිම්වල පදිංචි මහජනතාව ඉදිරි කාලය තුළ දැඩි විමසිල්ලෙන් කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කරයි.
එම ප්‍රදේශ හරහා වැටී ඇති මාර්ගවල, අතුරු මාර්ගවල ගමන් කරන වාහන රියදුරන් මෙම තත්ත්වය පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසත් ඇතිවිය හැකි අවදානම් තත්ත්වයන් ගැන අවධානයෙන් කටයුතු කරන ලෙසද උපදෙස් ලබාදී ඇත.
