LIVE
By unusuma.lk on [last-modified] (LK time)
රුපියල් කෝටි ගණනක වත්කම් ඉපයූ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශණයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසම වෙත පැමිණි අවස්ථාවේදී හිටපු අමාත්‍ය සී.බී රත්නායක අද (02) අත්අඩංගුවට ගත්තේය.
අනතුරුව අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය සී.බී රත්නායක අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන (16) වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.





