හිටපු පොලිස්පතිවරයෙකුට අයත් බව කියන ඉඩමක වල දමා තිබූ ප්රභූ ආරක්ෂක ගිනි අවියක් අද (30) උදෑසන සොයාගත් බව වරකාගොඩ පොලීසිය සඳහන් කරයි.
වරකාගොඩ කටුහේන බලිකන්ද ප්රදේශයේ ඉඩමක වල දමා තිබියදී මෙම ගිනි අවිය හමුවී ඇති අතර එම ගිනි අවිය චීනයේ නිශ්පාදිත මිනිඋසි වර්ගයේ ගිනි අවියක් බව පොලීසිය සඳහන් කරයි.
කමාන්ඩෝ විශේෂ බළකා හා විශේෂ කාර්ය බළකා සෙබළුන් වැනි විශේෂ පුහුණුව ලත් සෙබළුන් විශේෂ රාජකාරීන්වලට පමණක් මෙම ගිනි අවි භාවිත කරන බව පොලිසිය සඳහන් කරයි.