හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන සඳුදා පස්වරුවේ බොරැල්ල කනත්තේදී සිදුකෙරෙන බව පොලීසිය සඳහන් කරයි.
හිටපු පොලිස්පතිවරයාගේ දේහය හෙට (19) දින සිට බොරැල්ලේ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තැබෙන බවද පොලීසිය සඳහන් කරයි.
මේ අතර හිටපු පොලිස්පතිවරයාගේ දේහය පිළිබද අවසන් කටයුතු සඳහා පොලිස් උත්තමාචාර පිරිනැමීමක් සිදු නොවනු ඇති බව වාර්තා වේ.
පොලිස් ආචාර ධර්ම සහ සම්ප්‍රදායන්ට අනුව, සියදිවි නසාගැනීමකදී මියයන කිසිදු පොලිස් නිලධාරියෙකුට තරාතිරම නොතකා පොලිස් උත්තමාචාර පිරිනැමීම සිදු නොකරයි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පොලීසිය නිල නිවේදනයක් නිකුත් කර නොමැත.

