රටේ නීතිය කාටත් සමානව ක්‍රියාත්මක වන ආණ්ඩුවක් ජනතාව නිර්මාණය කර තිබෙන බවත් ලියාපදිංචි නොකළ වාහන භාවිත කළ තවත් හිටපු ඇමැතිවරු තිදෙනෙක් ළඟදීම අත්අඩංගුවට ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.
සාමාන්‍ය ජනතාවට ලියාපදිංචි නොකර යතුරු පැදියක්වත් පාරට දැමිය නොහැකි බවත් එහෙත් පහුගිය පාලන කාලයේ හිටපු දේශපාලනඥයන් ලියාපදිංචි නොකළ වාහන භාවිත කර තිබෙන බවද ජනාධිපතිවරයා සඳහන් කරයි.
එහෙත් මේ වනවිට ලියාපදිංචි නොකළ වාහන භාවිත කළ හිටපු ඇමැතිවරු තිදෙනෙක් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කර ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කරයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ,
“ජනාධිපතිවරයාගේ සිට පහළම දේශපාලනඥයා දක්වා ජනතාවගේ මුදල් සතයක් හොරකම් කරන්නේ නැති ආණ්ඩුවක් ස්ථාපිත කර තිබෙනවා. මේක තමන්ට ලැබෙන්න හිමිකම තිබෙන දේත් අතහරින ආණ්ඩුවක්.
මන්ත්‍රිවරුන්ට විශ්‍රාම වැටුප, වාහන බලපත්‍ර නොදෙන ආණ්ඩුවක්. ආණ්ඩුවේ වියදම් කප්පාදු කරමින් රාජ්‍ය සේවකයාගේ වැටුප් වැඩි කිරීමට අප මුදල් එකතු කළා. ඉතුරු කරගන්නා සියලු මුදල් ජනතාවට ලබා දෙන්න අපි සූදානම්.”
ජාතික ජන බලවේග බේරුවල ජන රැළිය අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කරයි.