හිටපු ජනාධිපතිවරුන් වෙත ජනාධිපති කාර්යාලයෙන් ලබාදී තිබෙන වාහන තුනෙන් එකක් නැවත බාර දෙන ලෙසට ජනාධිපති ලේකම් ආචාර්ය සනත් නන්දිත කුමානායක හිටපු ජනපතිවරුන් වෙත පසුගියදා ලිඛිත දැනුම් දීමක් කළේය.
ඒ අනුව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හැර අනෙක් හිටපු ජනාධිපතිවරු හතර දෙනා ඔවුන් පාවිච්චි කළ වැඩිපුර වාහනය මේ වනවිට ජනාධිපති කාර්යාලයට බාරදී ඇති බව වාර්තා වේ.
ඒ අනුව මහින්ද රාජපක්ෂ භාවිත කළ ලෑන්ඩ් කෘෂර් V8 රථය, මෛත්‍රීපාල සිරිසේන පාවිච්චි කළ ලෙක්සස් ඩිපෙන්ඩර් රථය, ගෝඨාභය රාජපක්ෂ පාවිච්චි කළ ලෑන්ඩ් රෝවර් ජීප් රථය, රනිල් වික්‍රමසිංහ පාවිච්චි කළ ලෑන්ඩ් කෘෂර් ප්‍රාඩෝ රථය ජනාධිපති කාර්යාලයට බාරදී ඇත.