හිටපු ජනපතිලාට වරප්‍රසාද ඕනමද.? නැතිව ජීවත් වෙන්න බැරිද.? අවසන් තීරණයක්.!

මෙරට හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද පිළිබඳව කරුණු සමාලෝචනය කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පත් කෙරුණු ත්‍රිපුද්ගල කමිටුව සිය වරප්‍රසාද සහ ඒවායේ අවශ්‍යතාව සම්බන්ධව ලිඛිතව කරුණු දක්වන ලෙස හිටපු ජනාධිපතිවරුන්ට දැනුම් දී ඇත.

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සම්බන්ධයෙන් දැනට පවතින අණ පනත් අධ්‍යයනය කර ඒ සම්බන්ධව නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් එම කමිටුව පත්කර ඇති අතර හිටපු ජනාධිපතිවරුන් කිහිප දෙනකු දැනටමත් ඒ සම්බන්ධයෙන් එම කමිටුවට කරුණු ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද පිළිබඳව එම කමිටුව සකස් කරන වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර හිටපු ජනාධිපතිවරුන්ට අවශ්‍ය වරප්‍රසාද සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව අමාත්‍ය විජිත හේරත් සදහන් කරයි.

හිමිකම්, දීමනා හා වරප්‍රසාද පිළිබඳ පනත් කෙටුම්පත අනුව එම හිටපු ජනාධිපතිවරුන්ට හිමිවන්නේ විශ්‍රාම වැටුපක්, නිල නිවසක්, වාහන තුනක්, ඒ සඳහා ඉන්ධන සහ පෞද්ගලික ලේකම්වරයකු සදහා වන වේතන පමණයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.