මිනිසුගේ සතුට විනාශ කරමින් සෑම මළමිනියකින්ම ඩොලර් හොයන තෙල් සමාගම්

මැදපෙරදිග පවතින යුද ගැටුම් හේතුවෙන් ලෝකයේ තෙල් නිෂ්පාදනය කරන සමහර තෙල් සමාගම් සහ එම සමාගම් අයිති රටවල් මේ මොහොතේ උපරිම ලාභ ලබාගන්න කටයුතු කරමින් සිටී.

ඒ අනුව යුද ගැටුම් අස්සේ උපරිම ලාභ ලබන ලෝකයේ ප්‍රධානම ඛනිජ තෙල් නිෂ්පාදන සමාගම් සහ එම සමාගම් අයිති රටවල් පහතින්..

*සෞදි අරාබියට අයත් ‘Saudi Aramco’ සමාගම

*ජාතික ඉරාන තෙල් සමාගම

*චීන ජාතික ඛනිජ තෙල් සංස්ථාව / Petro China සමාගම

*අබුඩාබි ජාතික තෙල් සමාගම

*කුවේට් තෙල් සංස්ථාව

*වෙනිසියුලාවේ පෙට්ට්‍රෝලියාස්

*බ්‍රසිලයේ පෙට්‍රෝබාස්

*රුසියාවේ රොස්නෙෆ්ට් සමාගම

මේ වනවිට මැදපෙරදිග පවතින යුද ගැටුම් හේතුවෙන් සමහර රටවල තෙල් නිෂ්පාදන වලට බාධා මතුව ඇති අතර විශේෂයෙන් හෝමූස් හරහා තෙල් බෙදාහැරීම 20%කින් පමණ ඇණහිට ඇත.

එහෙත් මේ වනවිට ලෝකයේ බොහෝ තෙල් නිෂ්පාදන සමාගම් සහ බෙදාහරින සමාගම්වල ආදායම ඉහළ ගොස් ඇති අතර එම සමාගම් වන වෙළදපොල වටිනාකම ⁣දළ වශයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 150ත් 200ත් ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇත.

මේ අතර ලෝකයේ ප්‍රධානතම අවි නිෂ්පාදනය කරන සමාගම් රැසක ආදායම ඉහළ ගොස් ඇත.

ලෝකයේ විශාලතම අවි නිෂ්පාදනය කරන රට වන්නේ අමෙරිකා එක්සත් ජනපදය.

එරට Lockheed සමාගම්, F 35, ෆයිටර් ජෙට්, විවිධ වර්ගයේ මිසයිල හදනවා.

RTX සමාගම විසින් මිසයිල, ගුවන් යානා, ආරක්ෂක පද්ධති, රේඩාර් හදනවා.

0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments