අද සිට ඔත්තේ – ඉරට්ටේ ක්‍රියාත්මක වීම ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්

මැදපෙරදිග පවතිව යුද්ධය හේතුවෙන් මෙරට තෙල් සංචිත කළමනාකරණය කර ගැනීමේ අරමුණින් රටේ ජනතාව වෙත ඉන්ධන නිකුත් කිරීමට ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් “QR” කේතය යටතේ සිදුවෙමින් පවතී.

දිනෙන් දින දිගුවන ඉන්ධන පෝලිම්වල අඩුවක් දැක ගැනීමට නොමැතිවීම හේතුවෙන් එම තත්ත්වය පාලනය කිරීම සඳහා රජය අලුත්ම පියවරක් ගැනීමට තීරණය කළේය.

ඒ අනුව “QR” කේතයට ඉන්ධන නිකුත් කිරීමේදී වාහන අංකයේ අවසාන අංකය 0,2,4,6 සහ 8 නම් ඉරට්ටේ දිනවලත්, 1,3,5,7 සහ 9 යන අංක ඔත්තේ දිනවලත් ඉන්ධන නිකුත් කිරීමට පියවර ගන්නා බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා සඳහන් කළේය.

අද (19) දිනයේ ඉන්ධන නිකුත් කිරීමේදී අවසාන අංකය 9 වන අතර අද දින ඔත්තේ දිනයක් වන අතර “QR” ක්‍රමයට ඉන්ධන ලබාගත හැකි වන්නේ වාහන අංකයේ අවසාන අංකය 1,3,5,7,9 නම් පමණි.

හෙට (20) දිනයේ ඉන්ධන නිකුත් කිරීමේදී අවසාන අංකය 0 වන අතර හෙට දින ඉරට්ටේ දිනයක් වන අතර “QR” ක්‍රමයට ඉන්ධන ලබාගත හැකි වන්නේ වාහන අංකයේ අවසාන අංකය 0,2,4,6,8 නම් පමණි.

මේ අතර වාහන අංක තහඩු ක්‍රමයට ඉන්ධන නිකුත් කිරීමේදී වාහනයේ අනන්‍යතාව නිවැරදිව තහවුරු කර ගැනීම සඳහා අවශ්‍ය අවස්ථාවේදී වාහන ආදායම් බලපත්‍රය හෝ වාහනයේ ලියාපදිංචි සහතිකය හෝ වාහන රක්ෂණ සහතිකය හෝ වාහන දුම් පරීක්ෂණ සහතිකය යන ලේඛනවලින් එකක් ඉදිරිපත් කරන ලෙස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුව නිවේදනය කර ඇත.

අපහසුතාවට පත්ව ඇති පිරිස් වෙත “QR” කේතය සකස් කර ගන්නා ආකාරය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාර සඳහන් කළේ,

“ඔවුන්ට දැන් තමන් අතේ තියන මොබයිල් නම්බර් එකෙන් රෙජිස්ටර් වෙන්න පුළුවන්. ඒකෙන් රෙජිස්ටර් වෙන්න අවස්ථාව දෙනවා, අවස්ථාව දුන්නාම ඔබ ලබාදෙන තොරතුරු සහ කලින් තියෙන තොරතුරු සමාන නම් සහ ඒක දැනට රෙජිස්ටර් වෙලා තියෙන රජයේ දත්ත සමග සමාන වෙනවා නම් පැරණි අයිතිකරුට මැසේජ් එකක් යනවා අලුත් කෙනෙක් ඇවිල්ලා මේක වෙනස් කරනවා කියලා. නමුත් ඔබගේ එක අලුත් නම්බර් එකට රෙජිස්ටර් වෙනවා. ඒ මගින් කවුරුහරි වැරදි වැඩක් කරනවා නම් ඒ තොරතුරු යනවා නිවැරදි අයිතිකරු වෙන කෙනෙක් නම් එයාට.”

0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments