ඉන්ධන මිල නැවතත් ඉහළ දමයි.? රජයේ තීරණය

ඉන්ධන මිල ගණන් ඉහළ යාම හමුවේ භාන්ඩාගාරයේ තිබෙන මුදල් යොදවා එහි අවම පීඩනයක් රටේ ජනතාවට එන විදිහට රජය කටයුතු කරමින් පවතින බව අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

මෙම මාර්තු මාසයේදී අවස්ථා දෙකකදී ඉන්ධන මිල ගණන් ඉහළ දැමු අතර ඉදිරියේදී ඉන්ධන මිල ගණන් නැවතත් ඉහළ යයිද.? නොයයිද.? සම්බන්ධයෙන් අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ,

“යුද්ධය වර්ධනය වන විදිහ ගැන අපි කිසිවෙකුට පුරෝකථනය කළ නොහැකියි. නමුත් ළග ළග මිල වැඩි වීම් සිදුකිරීමට රජයේ බලාපොරොත්තුවක් නෑ.

ඩොලර් එකක් වැඩි වෙනකොට බැරල් එකක මිල රුපියල් 2කින් වැඩිවීම ගණනය කළොත් ඊට වඩා වැඩිවීමක් සිදුකළ යුතුයි. නමුත් එහෙම කරන්න බෑ. ඒ බර ජනතාවට දරාගන්න දෙන්න බෑ.

එනිසා රජය භාන්ඩාගාරයේ තිබෙන මුදලක් යොදවලා මෙය අවම පීඩනයක් ජනතාවට එන විදිහට කටයුතු කරමින් පවතිනවා. එනිසා ළග ළග තෙල් මිල වැඩි කිරීමේ කිසිදු සූදානමක් නෑ.

විටින් විට මේ ප්‍රමාණයට වැඩි කරමින් සහ රජය වියදම දරා ගනිමින්, සමාගම් යම් ප්‍රමාණයක් දරා ගනිමින් මේ විදිහට කටයුතු නොකළහොත් මැයි මාසයේ (01) වැනිදා වනවිට අසීමිත වැඩි කිරීමක් කරන්න සිදුවෙනවා.”

“අමෙරිකාවට, ඊශ්‍රායලයට, ඉරානයට හෝ තදාසන්න රටවලට යුද්ධය අවසන් වෙන්නේ සතියකින්ද දෙකකින්ද කියන්න පුළුවන් කමක් නෑ. අපේ අපේක්ෂාව යුද්ධය හැකි ඉක්මනින් අවසන් වේවා යන්නයි.”

0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments