Advertisements

රණක්ෂිතයට පත් රණවිරුවන්ට නවීන විද්‍යුත් රෝද පුටු

රණවිරු සුභසාධන ක්‍රියාවලියේ තවත් සුවිශේෂී පියවරක් සනිටුහන් කරමින් රජයේ මූල්‍ය ප්‍රතිපාදන ඔස්සේ, රණක්ෂිතයට පත් රණවිරුවන් දස දෙනෙකු වෙත නවීන විද්‍යුත් රෝද පුටු ප්‍රදානය කිරීමේ විශේෂ වැඩසටහනක් රණවිරු සේවා අධිකාරියේ සභාපති බ්‍රිගේඩියර් එස්.බී. කොහොනගේ (විශ්‍රාමික) ප්‍රධානත්වයෙන් (09) දින රණවිරු සේවා අධිකාරි පරිශ්‍රයේදී පැවැත්විණි.

මින් පෙර පෞද්ගලික පරිත්‍යාග මත සිදු කෙරුණු මෙවැනි පරිත්‍යාග වෙනුවට, රණවිරු සේවා අධිකාරියේ මැදිහත් වීමෙන් ප්‍රථම වතාවට රජයේ පුර්ණ මූල්‍ය ප්‍රතිපාදන යොදවමින් මෙම විද්‍යුත් රෝද පුටු තොගය ප්‍රදානය කර තිබීම විශේෂත්වයකි.

එහිදී උත්සව සභාව අමතමින් රණවිරු සේවා අධිකාරියේ සභාපතිවරයා සඳහන් කළේ, පූර්ණ ආබාධිතතත්ත්වයේ පසුවන රණවිරුවන්ගේ දෛනික ජීවන කටයුතු වඩාත් පහසු කිරීම මෙමගින් අපේක්ෂා කෙරෙන බවයි.

ජාතියේ උත්තරීතර නිදහස වෙනුවෙන් තම ශරීර අවයව පරිත්‍යාග කරමින් අභීතව සටන් වැදුණු රණවිරුවන්ගේ සුභසාධනය වෙනුවෙන් ඉදිරියේදී මෙවැනි ව්‍යාපෘති තවදුරටත් පුළුල් කිරීමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

Advertisements
Advertisements
0 Comments
Most Voted
Newest Oldest