රට තුළ ඉන්ධන නිකුත් කිරීම සඳහා පනවා ඇති QR ක්‍රමවේදය ගැන ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැනුම්දීමක් කර ඇත.
ඒ අනුව ඉන්ධන නිකුත් කරන QR ක්‍රමවේදය ඉවත් කිරීමට මේ මොහොතේ සූදානමක් නොමැති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ සඳහන් කරයි.
ලෝක වෙළෙඳපොළ තුළ ඉන්ධන සඳහා තවදුරටත් ස්ථාවරත්වයක් නොමැති වීම හේතුවෙන් මෙම පියවර තවදුරටත් ඉදිරියට ක්‍රියාත්මක කරන බවද එහි කළමනාකරණ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ සඳහන් කරයි.
නැවත යුදමය තත්ත්වය උග්‍ර වුවහොත් මෙරට ඉන්ධන පෝලිම් ඇතිවීම සහ ඒ තුළින් ජනතාව අපහසුතාවට පත්වීම වැළැක්වීම සඳහා තවදුරටත් QR ක්‍රමවේදය භාවිත කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගත් බවද ඔහු සඳහන් කරයි.
යුදමය තත්ත්වය හේතුවෙන් මෙරට ඉන්ධන සැපයුම් ජාලයට කිසිදු බලපෑමක් මේ දක්වා ඇතිව නොමැති බවත් ඉන්ධන වෙළෙඳපොළේ මිල ගණන් නැවත ඉහළ යාමක් සිදුවේද යන්න පිළිබඳව නිරන්තර නිරීක්ෂණය කරමින් සිටින බවද ඔහු සඳහන් කරයි.

